මිනී පෙට්ටි පවා ගිනි තබමින් උණුසුම් වූ අන්තරේ විරෝධතාවය (VIDEO)

strike baththaramulla inter university rajagiriya parliament road
By Sewvandhi Aug 03, 2021 09:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධාතා පාගමනක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

 රාජගිරිය ආයුර්වේදය ඉදිරිපිටින් ආරම්භ වුණු පාගමන මේ වන විට පාර්ලිමේන්තුව ආසන්නයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. 

කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිවයි මෙම පාගමන සංවිධානය කර තිබෙන්නේ

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවය හේතුවෙන් බත්තරමුල්ලේ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අසල උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

කොතලාවල පනත වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය එම විරෝධතාවය සංවිධානය කර තිබෙන අතර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී පොලීසිය ඔවුන්ගේ පාගමන අවහිර කර තිබුණි.

එහිදී උණුසුම්කාරී තත්ත්වය හටගත් අතර විරෝධතාවයේ නිරත සරසවි සිසුන් පොලීසියේ මාර්ග බාධක ඔසවා විසිකිරීමට උත්සහ ගෙන තිබුණි.

පසුව ඔවුන් මිනීපෙට්ටියක් එම ස්ථානයේ ගිනි තබමින් විරෝධය දැක්විය.   



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


  

ReeCha