සදුදා සිට ක්‍රියාත්මක බස් රථ ධාවනය සිදු වන අයුරු

curfew travel restriction bus service
By Sithumi Oct 28, 2021 02:53 PM GMT
Sithumi

Sithumi

Report

ලබන සඳුදා සිට නියමිත පරිදි බස් රථ කාලසටහන් ක්‍රියාත්මක කරන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. මහනුවර ප්‍රදේශයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

කොරෝනා වසංගතය හේතුවෙන් අඩපණ වූ පෞද්ගලික බස් රථ සේවා ආරම්භ කිරීමට බස් රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ප්‍රවාහන අමාත්‍යාංශයේදී පෞද්ගලික බස් රථ හිමියන් සමඟ අද පැවති සාකච්ඡාවකින් පසුවයි. අදාළ සාකච්ඡාවේදී පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් ඉල්ලා ඇත්තේ මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවීමට සහ ලීසිං ණය වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට මැදිහත්වන ලෙසයි.

මාර්ග බලපත්‍ර නොමැතිව කාර්යාල සේවා නමින් ධාවනය වන බස් රථ සඳහා නීතිමය පියවර ගන්නා ලෙසද ප්‍රවාහන අමාත්‍යවරිය එහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. මේ අතර පළාත් අතර සංචරණ සීමා ලබන සඳුදායි පසු ඉවත්වීමත් සමඟ නියමිත කාලසටහන් වලට සියලුම බස්රථ ධාවනය වන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අද මහනුවරදී ප්‍රකාශ කළා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.