විදේශිකයන් පැහැර ගැනීමේ ත්‍රස්තවාදී කුමන්ත්‍රණයක් ගැන බුද්ධි අංශ අනතුරු අඟවයි

Cricket Pakistan Ministry Of Public Security
By Gagana News Feb 26, 2025 11:04 AM GMT
Gagana News

Gagana News

Report

මේ දිනවල පාකිස්තානයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටින විදේශීය අමුත්තන් පැහැර ගෙන යාමේ ත්‍රස්තවාදී කුමන්ත්‍රණයක් තිබෙන බවට පාකිස්තානයේ බුද්ධි අංශය රටේ ආරක්ෂක හමුදාවන්ට අනතුරු අඟවා තිබෙනවා.

මේ ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන්නේ Tehrik-e Taliban Pakistan (TTP), ISIS හා පාකිස්තානයේ විශාලතම මෙන්ම අඩුම ජනගහණයක් තිබෙන බෙලෝචිස්ටාන් ප්‍රාන්තය මූලස්ථානය කර ගත් රහස්‍ය කණ්ඩායම් ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයක් සම්බන්ධයෙන් බව වාර්තා වනවා. ‌

මේ බුද්ධි අංශ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර වශයෙන්, පාකිස්තානයේ ආරක්ෂක බලධාරීන් විසින් සන්නද්ධ භට කණ්ඩායම් හා දේශීය පොලිසිය ඇතුළු ඉහළ මට්ටමේ ආරක්ෂක කණ්ඩායම් යොදවමින් ක්‍රීඩකයන් හා ඔවුන් සමග සිටින කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.

නාමල් CID එකෙන් පිටව යයි

නාමල් CID එකෙන් පිටව යයි

ReeCha