එළුවන්ට ලැබෙන රක්ෂණාවරණය.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට සැලසුම් කර ඇත.
ඒ බව එම මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් . එම්. එම්. බී. වීරසේකර සඳහන් කළේ ය.
කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාල අංශ ගණනාවක් සඳහා මෙම නව රක්ෂණාවරණ ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බව සභාපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට දැනුම් දී ඇත.
පශු සම්පත් පාලනයේ දී රජය විසින් ඉදිරි වසර පහ ඇතුලත එළුවන් 70,000ක් ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ එළුවන් සඳහා ද රක්ෂණාවරණයක් ලබා දීම සඳහා කටයුතු යොදා ඇත.
එමෙන්ම සාමාන්‍යයෙන් එළුවෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන අතර වාර්ෂිකව රුපියල් 400ක රක්ෂණ දායකත්වයක් මගින් එළුවන් රක්ෂණය කිරීමට අවස්ථාව සලසා ඇත.
මේ අතර, එළුවන් සොරකම් කිරීමක දී හෝ හදිසි මරණයට පත් වූ විට උපරිම වන්දියක් ලබා දීමටත් කටයුතු යොදා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |