පොලිස්පතිගේ සේවා දිගු කරමින් විශේෂ ගැසට්ටුවක්. (PHOTO)

Sri Lanka Police Sri Lanka Government Of Sri Lanka
By krishani Apr 07, 2023 05:47 AM GMT
krishani

krishani

Report

මාර්තු මස 26 වන දා සිට බලපැවැත්වෙන පරිදි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබා දෙමින් ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

පසුගිය මාර්තු මස 25 වන දා විශ්‍රාම ගැනීමට නියමිතව සිටි පොලිස්පතිවරයා සඳහා සේවා දිගුවක් ලබා දීමේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Gallery