සුළු සේවකයන්ට කක්කුස්සි හෝදන්නන් යැයි කියූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට වැඩ වරදී

Report

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ නියෝගයකින් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

මෙම පියවරට හේතුව සෞඛ්‍ය සේවයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සහ අනෙකුත් සේවකයන් ගැන මාධ්‍යය ඉදිරියේ දක්වා ඇති ප්‍රකාශයනය.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල මත මෙම පියවර ගෙන ඇති අතර, බෙල්ලන මහතා මාධ්‍ය අමතමින් කනිෂ්ඨ සේවකයන් “කක්කුස්සි හෝදන්නන්” ලෙස හඳුන්වමින්, සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාමට අතුරු වෛද්‍ය සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල අවශ්‍ය නොවන බව ඔහු පැවසුවේය.

අද ඉඳලා ඇල්ල බලන්න යන අයට ඔන්න සුබ ආරංචියක්

අද ඉඳලා ඇල්ල බලන්න යන අයට ඔන්න සුබ ආරංචියක්

මෙම ප්‍රකාශයන් සන්ධානය විසින් දැඩිව විවේචනයට ලක් කර ඇති අතර, ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියට අනුව වෛද්‍ය බෙල්ලන මහතාට දින 14ක් ඇතුළත ලිඛිත වශයෙන් කරුණු පැහැදිලි කිරීමට දැනුම් දී තිබේ.

එසේ නොකළහොත්, ඔහුට එරෙහිව අමාත්‍යාංශය වැඩිදුර ක්‍රියාමාර්ග ගනු ඇතැයි එම ලිපියේ සඳහන් වේ