හිටපු එල්ටීටීඊ සාමාජිකයින් පිළිබඳ විමර්ශන.?
පාකිස්ථානයේ සිට අවි ආයුධ සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියට සම්බන්ධ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිළිබඳ සිදුකෙරෙන විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව මෙරට ආරක්ෂක අංශ පවසයි.
මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ශ්‍රී ලංකා රජයේ සහය ලබාගැනීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. අනෝන්‍ය නීති ආධාර ගිවිසුම යටතේ අදාළ සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා එම ඒජන්සිය විසින් ශ්‍රී ලංකා රජයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය හරහා එම සහයෝගයන් ලබාදෙනු ලබන අතර බුද්ධි අංශවල සහය ද ඊට හිමිව තිබේ. කෙසේවෙතත් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මීට අදාළ සහය ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දූව මහතා සඳහන් කළේය.
පසුගිය මාර්තු මාසයේ පාකිස්ථානයේ සිට මෙරටට ජාවාරම් කළ අවි ආයුධ සහ හෙරොයින් සහිත ධීවර යාත්‍රාවක් සහිත ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවල දී ජාවාරමට සම්බන්ධ හිටපු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයෙකු සහ තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |