පිරිමින් දෙදෙනෙකු සොයා යහනට පැමිණි අමුතු ගැහැණිය...

kamal gossip sunil inhuman pilimathalava
By Sewvandhi Jan 16, 2022 08:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එක්තරා දිනයක ටයිල් වැඩ කිරීම තම රැකියාව කරගත් කමල්ට පිළිමතලාව පුුුදේශ⁣යේ පන්සලක ධර්ම ශාලාවේ ටයිල් ඇල්ලීමට එම පන්සලේ වැඩ සිටි ලොකු හාමුදුරැවන්ගෙන් ඇරයුමක් ලැබිණි.

හාමුදුරැවන්ගේ ඇරයුම අහක දැමීමට නොහැකි වූයෙන් ඔහු තම සඟයා වන සුනිල් සමඟ එහි යාමට සැරසුණේය. දින 2ක් විතර එම වැඩේට යන බැවින් කමල් තම බිරිඳ දැනුවත් කොට එම ප්‍රදේශයට යාමට සැරසුණි.

කමල් හා ඔහුගේ සඟයා වන සුනිල් එම ප්‍රදේශයට ගොස්පන්සලේ ලොකු හාමුදුරැවන්ව හමුවුණේය.  එහිදී මොවුන් දෙදෙනාට නැවතීම සඳහා පන්සලට යාබඳ කාමරයක් පිළියල කර දුන්නේය.

ඔවුන් දෙදෙනා එම කාමරයේ ටික වෙලාවක් ගිමන් හැර පන්සලට ගොස් කාර්්‍යය ආරම්භ කිරීමට සූදානම් විය. දැන්නම් ටිකක් වැඩේ අහවරයි අපිට මේක තව ටිකකින් ඉවර කළ හැකි යැයි කමල් පැවසී ය. හ්ම්ම්..අපිට හෙට උදෙන්ම නැවත ගෙදරට යා හැකිවෙයි යනුවෙන් තම සඟයා තෘප්තියකින් පැවසීය.

කතාවෙන් කතාව වැඩත් නිම විය.ඒ වන විට වෙලාව ප.ව 7.00 පමණ වී තිබුණි.පන්සලේ හාමුදුරැවන් හමුවී තම කාර්්‍යය නිම කර බව පවසා අද රෑ නැවතී හෙට උදෙන්ම ත⁣ම ගමට යන බව පවසා ඔවුන්ට නැවතීමට දුන් කාමරයට ගියහ.

කමල් මහන්සිය වැඩි නිසා නින්දට යාමට සැරසුණි.ඔවුන් දෙදෙනාට එක ඇඳක් තිබිණි. කමල් අ⁣ැදේ දකුණු පැත්තේ හා සුනිල් වම් පැත්තේ විය.කමල්ට නින්ද ගිය නමුත් සුනිල්ට නින්ද නොගිය බැවින් ඔහු කමල්ගේ ජංගම දුරකතනයෙන් කාමරය සම්පූර්ණයේ වීඩියෝ කළේය.

නමුත් ඔහු පටිගත කළ වීඩියෝව නොබලා ජංගම දුරකතනය පැත්තකින් තබා නින්දට වැටිණි.පසුව උදෑසන ගමට යාමට පිටත් වුණේය. ස්වල්ප වේලාවකින් නිවසට පැමිණියේ ය.සුනිල් ද තම නිවස දෙසට ගියේය. ටික වෙලාවකින් කමල්ගේ බිරිඳ තමන් වෙතට ජංගම දුරකතනයද රැගෙන කේන්තියෙන් පැමිනෙණ බව දිටී ය.

තමුසේ වැඩ කරන්න යනවා කියලා කොහෙඳ මේ ඇදේ ගෑණියෙක් ඉන්නේ. කමල්ට තම බිරිඳ කියූදේ තේරැම් ගැනීමට නොහැකි විය.පසුව තම බිරිඳ වීඩියෝවක් පෙන්වන්නට විය.කමල්ට ඇස් අදහා ගත නොහැකි විය.තමා නිදා සිටි තැන ඇදේ මැදදට වෙන්න ගැහැණියක සිටී.   බිරිද පිළිගන්නේ නැති බව තේරැණු ඔහු තම සඟයා හමුවීමට ගියේ ය.

  සඟයා ද වීඩියෝ ව බලා , මචන් මන් කාමරය වීඩියෝ කළා තමා නමුත් මං ඒක බැලුවෙ නෑ. එතකොට කවුද බන් මේ ගෑණි. අනේ දෙයියනේ අපි එතකොට නිදාගෙන තියෙන්නේ හොල්මනක් එක්කද??????

උපුටා ගැනීමකි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


ReeCha