SLS නැති කර්මාන්තවලට වැඩ වරදී. කරන්න යන දේ මෙන්න.

Sri Lanka Government Of Sri Lanka Nalin Fernando
By Wayomi Jun 02, 2023 10:32 AM GMT
Wayomi

Wayomi

Report

SLS ප්‍රමිති සහතික නොමැති කර්මාන්ත සොයා එම කර්මාන්ත මුද්‍රා තබන ලෙස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු උපදෙස් දී තිබෙනවා.

ඔහු මෙම කරුණු අවධාරණය කර ඇත්තේ, ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිත සංගම් යකඩ හා සිමෙන්ති ආනයනකරුවන් මෙන් ම ඒ ආශ්‍රිත නිෂ්පාදකයන් සමඟ ඊයේ (ජූනි 1) පැවති සාකච්ඡාවකදීයි.

එමෙන්ම ඔහු එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ, සිමෙන්ති, වානේ යන කර්මාන්තවල නිෂ්පාදනයන් සඳහා වූ පිරිවැය සම්බන්ධයෙන් වාර්තාවක් ද සකස් කරන ලෙසයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත සාමාන්‍ය ජනතාවට හිමිවී නොමැති බැවින් ජනතාවට නිවසක් සාදා ගැනීම දුෂ්කරව ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත පවසනවා.

මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව පවතින කර්මාන්තශාලාවල විශාල වශයෙන් විදුලිය භාවිත කිරීම හේතුවෙන් එම පිරිවැය ද භාණ්ඩයේ මිලට එකතුවී පාරිභෝගිකයාට විශාල මුදලක් භාණ්ඩ වෙනුවෙන් ගෙවීමට සිදුව ඇති බැවින් බලශක්ති පිරිමැසුම් ක්‍රම වෙත යොමු වීමට අදාළ තාක්ෂණික ක්‍රමවේදයන් ලබා දීමට තම අමාත්‍යාංශය සූදානම් බව ද අමාත්‍යවරයා පේනවා දෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW