ඉන්දු-ශ්‍රී ලංකා 20 යි 20 පළමු තරඟය අද..පටන් ගන්න වෙලාව මෙන්න..

Sri Lanka Cricket Sri Lanka Indian Cricket Team
By Aruna Jan 03, 2023 02:06 AM GMT
Aruna

Aruna

Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (03) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වංකඩේ ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යාට හිමිව ඇති අතර රෝහිත් ෂර්මා, විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා, බූනේෂවර් කුමාර්, රවිචන්ද්‍රන් අෂ්වින් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් විවිධ හේතුන් මත කණ්ඩායමට ඇතුළත්ව නොමැත.

තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට අමතරව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග 03ක් ද පැවැත්වීමට නියමිතව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha