ප්‍රබල භූකම්පනයක් - සුනාමියක් එයිද නැද්ද කියලත් දැනුම් දෙයි
By Kaushi
ඉන්දුනීසියාවේ පැපුවා පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5.1ක ප්‍රබලත්වයෙන් මෙම භූකම්පනය හට ගෙන ඇති බවයි.
එසේම ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ මෙම භූ කම්පනය ඉන්දුනිසියාවේ සර්මි දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර් 40ක් ගැඹුරින් හටගෙන තිබෙන බවයි.
මේ අතර භූකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නැති බව දැනුම් දී ඇත.
තවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර නොමැති බවයි.