ඉතාම ආසන්නයි - අවසන් ගමනාන්තයට යන ඉන්දියාවේ ආදිත්‍ය L-1.. (PHOTOS)
ඉන්දියාවේ පළමු සූර්ය ගවේශණ මෙහෙයුම වන්නේ ආදිත්‍ය L-1 යානය යි.
අභ්‍යාවකාශ ගත කළ එම යානය අද (06) සිය අවසන් ගමනාන්ත කක්ෂයට ලගා වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
පසුගිය සැප්තැම්බර් 02 වනදා ඉස්රෝ හෙවත් ඉන්දීය අභ්‍යාවකාශ ඒජන්සිය විසින් එම යානය සූර්ය ගවේශණය සදහා ගුවන් ගත කරනු ලැබීය.
ඒ අනුව මාස 04ක කාලයක් ආදිත්‍ය L-1 යානය සූර්යා දෙසට ගමන් කරමින් පැවතියේ ය.
සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බසින ලද පළමු රට බවට පත්වෙමින් ඉන්දියාව ඉතිහාසගත වීමෙන් පසු දින කිහිපයකින් Aditya – L1 යානය ගමන් ආරම්භ කළේ ය.
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වස්තුව අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ පාදක මෙහෙයුම නම් කර ඇත්තේ සූර්යයාගේ හින්දු දෙවියන් වන සූර්යයාගේ නමින් වේ.
ඒ අනුව ඔහු ආදිත්‍ය ලෙසින් හඳුන්වයි.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඉන්දීය අභ්‍යාවකාශ ඒජන්සිය සඳහන් කළේ පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5ක් දුරින් සූර්යා අඛණ්ඩව නිරීක්ෂණය කළ හැකි ස්ථානයක නවතා තැබීම තම උත්සාහය බවයි.
Sponsored By Sarrita Jewellery
රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන |