ඉන්දීය ජාතික තරුණයෙක්ට මෙරටදි මෙලොව හැරයාමට සිදුවු අවාසනාවන්ත සිද්ධිය මෙන්න...

Police Gagana news Death news Indian boy
By Subodha Apr 11, 2022 06:46 AM GMT
Subodha

Subodha

Report

කොම්පඤ්ඤ වීදිය, කොළඹ 2 ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචිව සිටි ඉන්දීය ජාතික තරුණයෙක් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ .

අදාළ තරුණයා නිවසේ වහලය සකස් කරමින් සිටියදී බිමට ඇදවැටී තුවාල ලබා ඇත.

පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ .

එලෙස මියගොස් ඇත්තේ වයස 22ක් වු ඉන්දීය ජාතික තරුණයෙ කි.

මියගිය තරුණයා කොළඹ 2 ප්‍රදේශයේ පිහිටි වැඩබිමක කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකු බවට අනාවරණය වී තිබේ .

කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now