කෝටි ගානක කොකේන් සමඟ සුපවේදිනියක් අත්අඩංගුවට

By Zara Apr 06, 2025 12:00 PM GMT
Report

අද (06) අලුයම රුපියල් 65,760,000ක වටිනාකමකින් යුක්ත කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකාරිය ඉන්දියාවේ මිසෝරාම් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සූපවේදිනියක් බව සඳහන් වෙනවා.

ඇය මීට පෙර තුන්වරක් මෙරටට පැමිණ ඇති බව ගමන් බලපත්‍ර ඇසුරෙන් සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

ඇය අලුයම ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුනා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ඇය විසින් රැගෙන ආ ගමන් බෑගයේ ව්‍යාජ පතුළක, පොලිතින් ඇසුරුම් තුළ ඔතා, මෙම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 644 ක් සඟවා ගෙන තබු බව සඳහන් වෙනවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය සිදුකළ අනාවරණයක් මත මෙම මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීම සඳහා සූදානම්න් සිටි මෙරට අයිතිකරු, ඇයට නවාතැන් ගැනීම සඳහා සූදානම් කර තිබූ කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක් අසළ රැඳී සිටිය දී අද පස්වරු 01.30 ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මාළඹේ ප්‍රදේශයේ පදිංච් 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා, රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව සඳහන් වනවා.

සියලුම රාජ්‍ය ආයතන ' ත්‍රී - ආර් සංකල්පයට' අනුගත විය යුතුයි

සියලුම රාජ්‍ය ආයතන ' ත්‍රී - ආර් සංකල්පයට' අනුගත විය යුතුයි

ජිවිත බිලිගත් මාරක අනතුර

ජිවිත බිලිගත් මාරක අනතුර