ICCයේ ලොකු පෙරළියක්..

Report

ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් සිරාජ් ICC එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ නිමා වු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන් ය.

එහිදී මොහොමඩ් සිරාජ් ස්ථාන 08ක් ඉදිරියට පැමිණෙමින් මෙලෙස පළමු ස්ථානයට පත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයේ දී ලකුණු 21 කට කඩුලු 6ක් බිද හෙළීමට සිරාජ් සමත් විය.

මේ අතර ICC එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Josh Hazlewood පසු වෙයි.

එමෙන්ම එහි තෙවන ස්ථානය හිමිව ඇත්තේ නවසීලන්ත ක්‍රීඩක Trent Boult හටයි.