සෞදි අරාබියේ මේ ප්‍රදේශවලට නිකුත් කළ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් දැනුම්දීමක්
By Kaushi
යේමනයේ ඉරානයට පක්ෂපාතී හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරවල වැඩිවීමක් මධ්‍යයේ සෞදි අරාබියේ ප්‍රදේශ කිහිපයකට ඇති විය හැකි අනතුරු සම්බන්ධයෙන් නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම් ඉවත් කර ඇති බව එරට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන බව වාර්තා වේ.
ඒ අනුව ජෙඩා, මක්කා පළාතේ තායිෆ්, කමිස් මුෂයිට් සහ අල් උලා ඇතුළු ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම් ඊයේ(18) දින රාත්‍රියේ ඉවත් කර ඇති බව සඳහන්.
මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්
යේමනයේ ජනාකීර්ණ ප්‍රදේශ සහ උතුරු ප්‍රදේශයේ විශාල කොටසක් පාලනය කරන හූති සංවිධානය, ජූලි මාසයේදී සෞදි අරාබියට එරෙහිව නාවික අවහිරයක් ප්‍රකාශයට පත් කිරීමෙන් නතුරුව ප්‍රහාර එල්ල කිරීමට ආරම්භ කර ඇත.
එබැවින් රතු මුහුදේ ගමන් කරන සෞදි යාත්‍රාවලට ද ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.