ඇමතිකම අමතක කර ගුවන් යානයේ අසනීප වූ මගියෙකුට වෛද්‍යවරයෙක් වූ මුදල් රාජ්‍ය ඇමති

INDIA MUMBAI Bhagwat Karad FINNCE MINISTER DILHI
By Sewvandhi Nov 17, 2021 12:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

Bhagwat Karad කියන්නේ ඉන්දියාවේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කළ ජනතාව බොහෝ සෙයින් ආදරය කළ වෛද්‍යවරයෙක්. ඔහු පසු කාලයේ දේශපාලනයට අවතීර්ණ වෙනවා.

මේ වෙද්දී ඔහු එරට මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරනවා. ඔහු ඊයේ රාත්‍රියේ දිල්ලි සිට මුම්බායි බලා යාමට ගුවන් ගත වෙලා. එම අවස්ථාවේදී හදිස්සියේ ගුවන් මගියෙකු අසනීප වෙනවා.

එම අවස්ථාවේදී ඔහු එම ගුවන් මගියාට ප්‍රතිකාර කර තිබෙනවා. අධික ලෙස දහදිය දැමු මගියාට රුධිර පීඩනය අඩු වී ඇති බවට හඳුනාගෙන ප්‍රතිකාර කර තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප සමාජ මාධ්‍ය ජලයේ මුදා හැර මගියෙකු ඇමතිවරයාට ප්‍රසංසා කර තිබෙනවා. එය දුටු ඉන්දීය අගමැතිද ට්විටර් පණිවිඩයක් තබමින් ප්‍රසංසා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery