පොළව යට සිරවී සිටින කම්කරුවන්ගේ පළමු වීඩියෝව නිකුත්වෙයි (VIDEO)

India
By Sewvandhi Nov 21, 2023 09:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දින නවයකට පසු පළමු වරට ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක සිරවී සිටි කම්කරුවන් 41 දෙනාගේ දර්ශන කැමරාවක සටහන් වී තිබෙනවා.

  ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, උමග තුළට විදින ලද නව නලයක් හරහා යැවූ endoscopic කැමරාවක් භාවිතයෙන් වීඩියෝව රූගත කර ඇති බවයි.

සේවකයන්ට දින කිහිපයකින් ඔවුන්ගේ පළමු උණුසුම් ආහාර වේල ලබා දීම සඳහා ගැලවුම්කරුවන් එම නළයම භාවිතා කළ බවයි වාර්තා වන්නේ.

මෙතෙක් ඔවුන් ජීවත් වූයේ මීට පෙර ඇතුල් කරන ලද පටු පයිප්පයක් හරහා යවන ලද කෙටි ආහාර වලිනුයි උතුරු ප්‍රාන්තයේ උත්තර්කාෂි දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතින උමං මාර්ගය නාය යෑමකින් පසු කඩා වැටුණේ පසුගිය නොවැම්බර් 12 වැනිදායි.

එම වීඩියෝව පහතින්..


ReeCha