ඉන්දීය ලොක්කන් පෝලිමේ ලංකාවට.. 12 දා හමුදා ලොක්කෙකුත්..?

president shavendra silva Indian army general Manoj mukundh
By Sithumi Oct 09, 2021 05:13 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක නිල සංචාරයක් සඳහා එළඹෙන අඟහරුවාදා (12) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනයකට අනුව ඉන්දීය හමුදාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණේ. ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට නියමිතව ඇත.

එසේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධහමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ දී නිල හමුවක් ද පැවැත්වීමට නියමිතය.

මේවන විට ඉන්දීය සහ ශ්‍රී ලංකා යුද්ද හමුදා සාමාජිකයින් මෙරටදී පවත්වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ අවසන් අභ්‍යාසය නැරඹිම සඳහාද ඉන්දීය හමුදාධිපතිවරයා සහභාගීවීමට නියමිතව ඇත.

=======================

You may like this video

නිවසක් කොල්ල කන හැටි. මෙහෙමත් මිනිස්සු CCTV -:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now