ලංකාවේ ආරක්ෂාවට ඉන්දීය ගුවන් හමුදාවේ සහය.

Dinesh Gunawardena Indian Air Force Day Sri Lanka Sri Lanka Air Force
By Wayomi May 04, 2023 06:09 AM GMT
Wayomi

Wayomi

Report

ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්‍රි මහතා 2023.05.03 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

එහිදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන සහාය වෙනුවෙන් ඉන්දියාවට ස්තූතිය පුද කළ අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකා මුහුදු තීරයේ මෑත කාලීනව ඇතිවූ විපත්වලදී සහාය ලබා දෙන ලෙස කළ ඉල්ලීමට වහාම ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ඉන්දීය ගුවන් හමුදාවට සිය කෘතඥතාව පළ කළේය.

දෙරටේ ගුවන් හමුදා අතර ඇති සමීප සහයෝගීතාවය සංකේතවත් කිරීමක් ලෙස ත්‍රිකුණාමලයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ මිත්‍රත්ව ශ්‍රවණාගාරයක් ඉදිකිරිමට ඉන්දියාව කටයුතු කරන බව එයාර් මාර්ෂල් චෞද්රි මහතා සඳහන් කළා.

මෙම වසරේ අවසන් කාර්තුවේදී ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී දෙරටේ ගුවන් හමුදා එක්ව ආපදා කළමනාකරණය පිළිබඳ අභ්‍යාසයක් පවත්වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය සහයෝගීතාව වැඩි කරන බවත් ඔහු එම හමුවේදී සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කළ අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා පියාසර සංචිතයේ ක්‍රියාකාරී සාමාජිකාවන් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු කාන්තා ගුවන් නියමුවරියන් දෙදෙනා පුහුණු කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා ඉන්දීය ගුවන් හමුදාවට ස්තූතිය පුද කළා.

මෙම අවස්ථාවට සහභාගී වූ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ නුවරඑළිය, සීතාඑළිය සීතා අම්මාන් පුදබිමේ පැවති උත්සවයට සහභාගී වී විශේෂ තැපැල් මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පුද කරනු ලැබුවා.

ඉන්දියාවේ මෙම උත්සවය සඳහා විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීම හේතුවෙන් රාමායනය හා සම්බන්ධ ඓතිහාසික ස්ථාන නැරඹීමට ඉන්දියානුවන් අතර උනන්දුව වැඩි වෙමින් පවතින බව ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යෝජිත ගුවන් ගමන් වැඩි කිරීම සහ දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට යෝජිත බෝට්ටු සේවා වැඩි කිරීම මගින් දෙරට අතර වන්දනාකරුවන් සහ සංස්කෘතික සංචාරක කටයුතු ඉහළ නංවනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


GalleryGalleryGalleryGallery