2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේම ඉන්දියාව - මෙතෙක් තරගකළ කිසිඳු තරගයක් පරාජයට පත් වෙලා නෑ.. ලෝකයම බලා හිටිය ඊයේ මැච් එකට සිදු වුණ දෙය.. (PHOTOS)

Cricket India Indian Cricket Team
By krishani Nov 13, 2023 12:27 AM GMT
krishani

krishani

Report

ඊයේ (12) පස්වරු 02.00ට ඉන්දියාවේ බැංගලූර්හි දී 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 45වැනි තරගය සහ මූලික වටයේ අවසන් තරගය වූ ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගය පැවැත්විණ.

එහිදී ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ නෙදර්ලන්තය ලකුණු 160කින් පරාජයට පත් කරමින් ය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 04ක් දැවී මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් රැස්කල දෙවන ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 410ක් ‍රැස් කළේ ය.

පන්දුවට පහරදුන් නායක Rohit Sharma ලකුණු 61ක්ද, Shubman Gill සහ Virat Kohli ලකුණු 51 බැගින්ද, ලබා ගැනීමට සමත් වු අතර Shreyas Iyer නොදැවී ලකුණු 128ක්ද, KL Rahul පන්දු 64කට ලකුණු 102ක් ද ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී නෙදර්ලන්ත කණ්ඩායමේ Bas de Leede කඩුළු 02ක්ද, Paul van Meekeren,Roelof van der Merwe එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වු අතර ලකුණු 411ක ඉලක්කයක් සහිතව පිළිතුරු ඉනිම හඹා යාමට පිටියට පිවිසි නෙදර්ලන්තයට පන්දුවාර 47යි පන්දු 05ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 250ක් පමණී.

Sybrand Engelbrecht ලකුණු 45ක්ද, Colin Ackermann ලකුණු 35ක්ද, Max O'Dowd ලකුණු 30ක්ද, නායක Scott Edwards ලකුණු 17ක්ද රැස් කළ අතර අගනා ඉනිමක් ක්‍රීඩාකළ Teja Nidamanuru ලකුණු 54ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේදී Mohammed Siraj, Kuldeep Yadav, Ravindra Jadeja, සහ Jasprit Bumrah කඩුළු 02 බැගින්ද, Rohit Sharma, Virat Kohli එක් කඩුල්ල බැගින් දවා ගත්තේ ය.

කෙසේ වෙතත්, 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව මෙතෙක් තරගකළ කිසිඳු තරගයක් පරාජයට පත් නොවීය.

ඔවුන් පළමු ස්ථානයේ පසුවන අතර, නෙදර්ලන්තය ලකුණු සටහනේ අවසන් ස්ථානය වන දසවැනි ස්ථානයේ පසු වෙයි.

GalleryGalleryGalleryGalleryGallery
ReeCha