එක්කෝටි පනස් ලක්ෂයක වටිනාකමින් යුත් මුහුදු කූඩැල්ලන් තොගයක් සොයාගෙන..

India
By krishani Mar 28, 2023 08:44 AM GMT
krishani

krishani

Report

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ වියළි මුහුදු කූඩැල්ලන් 1200Kg ක් සොයාගෙන තිබෙනවා.

ඒ සමග සැකකරුවන් තිදෙනෙකු තමිල්නාඩු පොලීසිය විසින් පසුගිය දා (26) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අතරින් දෙදෙනෙකු තලෙයිමන්නාරමේ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා රාමනාතන්පුරම් ධීවර වරායේ බෝට්ටුකරුවකු වේ.

සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) මුහුදු කූඩැල්ලන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇත.

මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, ප්‍රවාහනය හා අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති නීති රීති ඉන්දියාව දැඩි කර ඇති අතර මෙම වියළි මුහුදු කූඩැල්ලන්ගේ වටිනාකාම ලංකාවේ මුදලින් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් වේ.

සැකකරුවන් තිදෙනා තමිල්නාඩු අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට තමිල්නාඩු වෙරළබඩ පොලීසිය කටයුතු කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join