වෙසක් බලන්න යද්දි ජනතාවට සද්ද දැම්මොත් වැඩ වරදී

Sri Lanka Police Law and Order Dansal Vesak Day Sinhala news
By Kaushi May 13, 2025 08:05 AM GMT
Kaushi

Kaushi

Report

බණ්ඩාරගම පොලිසිය විසින් යතුරුපැදි 16ක් මෙසේ තම භාරයට ගෙන ඇත.

ඒ අතර නීති විරෝධී ආකාරයට කොටස් ආනයනය කර එකලස් කළ බව කියන අධිබලැති යතුරුපැදි හතරක් ද ඇතුළත්.

මෙම යතුරුපැදි අදාළ යතුරුපැදිකරුවන් විසින් වෙසක් සිරි නැරඹීමට යන ජනතාවට පීඩාවක් යන අයුරින් ධාවනය කර තිබෙනවා.

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

එසේම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහනවල සිටින ජනතාවට ද පීඩාවක් වන ආකාරයට අධික ශබ්ද නගමින් ධාවනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ යතුරුපැදි 16 සමඟින් තරුණයින් 16 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර ඇත.

සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අධිබලැති යතුරුපැදි හතරෙහි ලියාපදිංචි අංක තහඩු පරීක්ෂා කළ විට ඒවා සැකකටයුතු බව නිරීක්ෂණය වූ බවයි.

එසේම පොලීසිය තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පොලිස් භාරයට ගත් අනෙකුත් සියලුම යතුරුපැදිවල නියමිත සයිලන්සර් කොටස් ඉවත් කර ඇති බවයි.

තවද මාර්ගයේ ධාවනය කරන විට, ගමන් ගන්නා පදිකයින් බිය ගන්වන ලෙස හඬ පැතිර යන ආකාරයට වෙනත් කොටස් බද්ධ කර ඇති බව ද සිදු කළ පරීක්ෂාවේ දී දැකගත හැකි වී ඇත.

තවත් දැරියකට ගුරුවරයෙක්ගෙන් ලිංගික අතවර

තවත් දැරියකට ගුරුවරයෙක්ගෙන් ලිංගික අතවර

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බොරලැස්ගමුව, කැස්බෑව, බණ්ඩාරගම, දොඩංගොඩ, කළුතර, හෝමාගම සහ ඉංගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය වාර්තා කරයි.

අඳාළ සැකකාර තරුණයින් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබෙන අතර ඉදිරි දිනක දී මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බවත් එහි දී පොලීසිය ප්‍රකාශ කර ඇත.

ReeCha