ස්වධින වු මන්ත්‍රින් ජනපති හමුවිම ප්‍රතික්ෂේප කරයි...

President Gagana news Independent MP
By Subodha Apr 12, 2022 09:29 AM GMT
Subodha

Subodha

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව වර්ජනය කිරීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

ස්වාධීන කණ්ඩායම නියෝජනය කළ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ආණ්ඩුවට ගෙන රාජ්‍ය අමාත්‍යධුරයක් ලබාදීමට විරෝධය පළ කරමින් අද සාකච්ඡාව වර්ජනය කරන බව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

ජනාධිපතිවරයා සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් අතර දෙවන වටයේ සාකච්ඡාවක අද (12) රාත්‍රියේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබිණි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now