වසර 12කට ඉන්දීය විදේශ අමාත්‍යවරයෙක් ඉන්දියාවට

By Sithumi May 05, 2023 06:11 PM GMT
Sithumi

Sithumi

Report

පාකිස්ථානයේ විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා. පාකිස්ථාන විදේශ අමාත්‍යවරයෙකු වසර 12කට පසු ඉන්දියාවේ සංචාරයක නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවකට සහභාගි වීම සදහායි පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා මෙලෙස ඉන්දියාවට පැමිණ ඇත්තේ.

  කෙසේ වෙතත් මෙම සංචාරයේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික හමුවක් සඳහා කිසිදු සැලසුමක් නොමැති බව සඳහන් වන අතර වාර්තා වන්නේ ඒ සඳහා පාකිස්ථානයෙන් ද ඉල්ලීමක් සිදු කර නොමැති බවයි.