ඉන්දීය ආධාර බෙදන්න දුම්රිය පිටත් වෙයි.. බෙදාහරින නගරය මෙන්න..

By Sithumi May 31, 2022 06:18 PM GMT
Sithumi

Sithumi

Report

තමිල්නාඩුවෙන් එවන ලද ආධාර රැගත් විශේෂ භාණ්ඩ දුම්රියක් අද (31) යාපනය දුම්රිය ස්ථානයට ලඟා වූ බවට යාපනය දිසාපති කේ. මහේෂණ් මහතා පවසා සිටියේ. එලෙස පැමිණි භාණ්ඩ දුම්රියෙන් කිරිපිටි කිලෝ 7500 ක් සහ සහල් උර 20,000 ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙලෙස රැගනවිත් ඇති අතර එම ආධාර අද දිනයේ සිට ආර්ථික අපහසුතා සහිත දිළඳු පවුල් වෙනුවෙන් බෙදා හැරීමට පියවර ගෙන ඇතැයිද යාපනය දිසාපති කාර්යාලය පවසයි.

ඒ අනුව යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ප්‍රදේශභාර ග්‍රාමසේවක නිලධාරීන්ගේද සහය ඇතිව ඉන්ධීය ආධාර ඉදිරිදින කිහිපයේදී බෙදාහැරීමට පියවර ගෙන ඇත. ඉන්දීය අදාර රැගත් දුම්රිය යාපනය දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවට යාපනය දිසාපති, යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය කොමසාරිස් කාර්යාල නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් පිරිසක් සහභාගී වූහ.

මීට පෙරද ඉන්දියාවේ සිට යාපනයේ ජීවත්වන දූපත්වාසී ධීවර ජනතාව වෙනුවෙන් භූමිතෙල් ලීටර් 15,000 ක්ද යාපනයට ලැබුනු අතර එම ඉන්ධනද දූපත් ජනතාවට බෙදා හැරීමට පියවර ගෙන ඇතැයිද යාපනය දිසාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now