950 පොලිසිය 4500ක් දක්වා වැඩිකිරීමෙන් පිරිසක් අර්බුදයට....!!!!
Police spokesman
Sri Lanka Police
Sri Lanka Police Investigation
Latest Headlines
Sinhala news
By Akash
සංගීත ප්‍රසංග සහ සැණකෙලිවල රාජකාරියේ නිරත වන පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු දීමනාව සියයට 90 කින් පමණ ඉහළ දැමීම හේතුවෙන් තමන් අර්බුදයකට ලක්ව සිටින බව ශ්‍රී ලංකා ප්‍රසංග , සැණකෙළි සංවිධායකවරුන්ගේ ඒකාබද්ධ සංගමය පවසනවා.
එම සංගමයේ මාධ්‍ය ලේකම් සුදේශ් රංගන කටුනායක පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ මාර්තු මාසයේ නිකුත් කර ඇති චක්‍රලේඛයක් මගින් රුපියල් 950 ක දීමනාව මේ වන විට 4500 ක් දක්වා ඉහළ දමා ඇති බවයි.
එමෙන්ම, විනෝද බදු සහ දැන්වීම් පුවරු ප්‍රදර්ශනයේදී පළාත් පාලන ආයතන මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියටද මුදල් ගෙවීමට සිදුව ඇති බවද ඔහු සදහන් කළා.
