පියයුරු පිළිකා පිරිමි පුද්ගලයින් අතරත් වැළඳීමේ වැඩි අවදානමක්...

Report

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවේදි, පිරිමි පුද්ගලයන්ට පියයුරු පිළිකා වැලඳීමේ වැඩි අවදානමක් ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

රජයට මිලියන 660ක් පාඩු කරන්නට ගිය නීති විරෝධී ආනයන බහාලුමක් රේගු භාරයට...

රජයට මිලියන 660ක් පාඩු කරන්නට ගිය නීති විරෝධී ආනයන බහාලුමක් රේගු භාරයට...

ඒ අනුව, එතුමා පවසා සිටියේ, මේ වන විට පියයුරු පිළිකා ඇති රටවල් අතුරින් ශ්‍රී ලංකාව 155 වැනි ස්ථානයේ පසුවන බව ය.

විශේෂයෙන් වයස අවරුදු 20ට වැඩි කාන්තාවන් සහ පිරිමින් යන දෙපාර්ශ්වයම ස්වයං පියයුරු පරික්ෂාවක් සිදුකර ගැනීම වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ ය.

පසුගිය රජයට අයත්ව තිබු සුඛෝපභෝගී වාහන අත්‍යාවශ්‍ය සේවා සඳහා වෙන් කිරීමට උපදෙස්...(PHOTO)

පසුගිය රජයට අයත්ව තිබු සුඛෝපභෝගී වාහන අත්‍යාවශ්‍ය සේවා සඳහා වෙන් කිරීමට උපදෙස්...(PHOTO)

එමෙන් ම, පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානය නාරාහේන්පිට ඇත.

එසේ ම, රත්නපුර, යාපනය සහ මාතර රෝහල්වලද පිළිකා කලින් හඳුනා ගැනීමේ සායන පැවැත්වෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන වැඩි දුරටත් සඳහන් කළේ ය.

නව වීසා ක්‍රමවේදයත් සමග සංචාරකයින්ගේ පැමිණීම පහළට...

නව වීසා ක්‍රමවේදයත් සමග සංචාරකයින්ගේ පැමිණීම පහළට...

පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ඔක්තෝබර් මස දී ඇති අතර, එම මස 01 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලයේ දී එය පැවැත්වේ.

ඒ අනුව, මෙම 2024 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව වී ඇත්තේ, ‘කිසිවෙක් පියයුරු පිළිකාවට තනිව මුහුණ දිය යුතු නැත’ යන්නයි.