නිවෙස්ගත ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ ඉහළයාමක්..දැඩි අවදානම් තත්ත්වයක්.!

COVID19 INFECTION CURFEW DR MALKANTHI GALAHENA QUERANTINE
By Sewvandhi Nov 08, 2021 03:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගතවූ සති දෙකක කාලයට සාපෙක්ෂව කොවිඩ් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය යටතේ ලියාපදිංචි වූ රෝගීන්ගේ පැහැදිලි වැඩිවීමක් මේ වන වන විට දක්නට තිබෙන බව එම ව්‍යාපෘතිය භාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කරනවා.

ඇය පෙන්වා දුන්නේ මේ වන විට රෝගීන් 4,000ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. ගතවූ සති දෙකේදී එම අගය 3,000ක් පමණ වූ බවද ඇය පැවසුවා.

එසේම සති අන්තයේ ගතවූ පැය 24ක පමණ කාලයේදී අලුතින් රෝගීන් 500ක් පමණ ලියාපදිංචි වී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ,ලොවපුරා කොරෝනා ආසාදිතයින් කෝටි 25 ඉක්මවා තිබෙනවා. එය දැක්වුණේ 250,596,531ක් ලෙසයි. සමස්ත මරණ සංඛ්‍යාව 5,064,392ක් ලෙස සටහන් වනවා.

ගත වූ පැය 24රේ ලොවපුරා ආසාදිතයින් 340,467ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4527ක් ලෙසයි.

-----------------------------------------------

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha