ආදායම් බද්ද ඉවත් කරීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka
By Aruna Apr 04, 2023 01:42 AM GMT
Aruna

Aruna

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත 16 වතාවක් ගිහිල්ලත් සාර්ථක වීමට නොහැකි වුණේ යම් කොන්දේසි නිසියාකාරව ක්‍රියාත්මක නොකළ නිසා බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන පිළිබඳ විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

වෘත්තීය සමිතිවල සාකච්ඡාවකට එහා ගිය වෘත්තීය මට්ටමේ සාකච්ඡාවක් තමයි මෙතැන සිදු වෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත 16 වතාවක් ගිහිල්ලත් සාර්ථක වීමට නොහැකි වුණේ යම් කොන්දේසි නිසියාකාරව ක්‍රියාත්මක නොකළ නිසයි.

සාකච්ඡා මාර්ගයකින් තමයි බදු වැඩි කිරීම සිදු වුනේ. දැන් ඒ ඇති කර ගත් එකඟතා ඉවත් කිරීම රටක් විදිහට ප්‍රායෝගික නැහැ.

බදු පැකේජය ඉවත් කරන්න පුළුවන් ක්‍රම දෙකයි තිබෙන්නේ. එකක් තමයි මීට වඩා අය බදු ගෙවීමට එකතු කර ගැනීම.

දෙවැනි ක්‍රමය තමයි රජයේ ආදායම් වැඩි කරගෙන යම් කිසි ආකාරයක වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම.

මේ දෙකම කෙටි කාලයකින් කරන්න බැහැ. පෞද්ගලික අංශය යම් යම් වෙනස්කම් කරලා තිබෙනවා.

මේක සාර්ථකව ක්‍රියාත්මක කළොත් ඊළඟ අවස්ථාවේ ජනතාවට සහනයක් ලබා දෙන්න පුළුවන්.

ඉහළ ආදායම් ලබන පිරිස් තමයි මේ තත්ත්වය මාස 06ක කාලය දරා ගත නොහැකි බව කියමින් විවේචනය කරන්නේ.

ඒ වගේම නිෂ්පාදිත ආර්ථිකය කියන්නේ යම් කිසි රටක් භාණ්ඩයක් නිපදවීම මගින් ලබා ගන්නා ආර්ථික වාසියයි.

දළ දේශීය නිෂ්පාදනයෙන් ආදායම වැඩි වෙන්නේ භාණ්ඩ හා සේවා නිපදවීම තුළිනුයි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දී අගය එකතු කිරීමක් සිදු වුණොත් මේ සභාවේ මතු වූ ආකාරයට විශාල ආදායම් ලබාගන්න හැකියාව තිබෙනවා.

නමුත් තරුණ පරම්පරාව කෘෂිකර්මයට යොමුවීමට නම් එය මීට වඩා තවත් කාර්යක්ෂම විය යුතුයි.

නමුත් දැන් පිටරට යන තරුණ තරුණියන් වැඩ කරන්නේ කෘෂිකර්මාන්තයේ නොවෙයි.

ඔවුන් වැඩ කරන්නේ සේවා අංශයේයි . කෘෂිකර්මාන්තයේ දායකත්වය සියයට හතයි.

නමුත් ඒ අංශයේ වැඩ කරන ප්‍රමාණය සියයට විසිහතයි. කෘෂිකර්ම නිෂ්පාදනය වැඩිදියුණු කිරීම තුළින් සේවා අංශයේ වැඩ කරන කෙනෙකුගේ ආදායම් ලබාගන්නට හැකි විය යුතුයි.

රට ගොඩනඟන්න නම් නිෂ්පාදනය සහ සේවා යන අංශ දෙකෙහිම සංවර්ධනය අවශ්‍යයයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now