ඔන්ලයින් ගේම් ගොදුරක් වූ ඉසුරු ගැන කවුරුත් නොදන්න කතාව

Bandaragama Boy suiside
By Sithumi Oct 17, 2021 10:13 AM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා වසංගතයෙන් මිනිස් ජීවිත ඇතුළු සියලුම අංශවලට සිදු වූයේ ඉමහත් ව්‍යසනයකි. ඉන් දරුවන්ගේ අධ්‍යාපනයට අත්වූයේ වසර ගණනාවක් ගියද ආපස්සට හැරවිය නොහැකි තරමේ මිල කළ නොහැකි පාඩුවකි.

දරුවන්ගේ අධ්‍යාපනයට එලෙස කොරෝනා මාරයා ඉමහත් පාඩුවක් සිදුකරද්දී යම් පමණක හෝ අස්වැසිල්ලක් වූයේ ඔන්ලයින් අධ්‍යාපනයෙන් ලැබුණු ජීවය පමණි. එම දුරස්ථ අධ්‍යාපනයටද මීට මාස තුනකට පමණ පෙරදී තිත තැබුණේ ගුරුවරුන්ගේ උද්ඝෝෂණ රැල්ලත් සමඟිනි. ගුරුවරුන් එලෙස සිය අයිතිවාසිකම් දිනා ගැනීමට උද්ඝෝෂණ සිදුකරද්දී කබලෙන් ළිපට වැටුණේ දරුවන්ය. දෙමාපියන් විසින්ද දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය සඳහාම විවිධාකාරයේ උපකරණ (Devise) රැගෙන දුන්නේද අගහිඟතා මධ්‍යයේ ණයතුරුස්ද වෙමිනි.

ඔන්ලයින් අධ්‍යාපනය ඇණහිටීමත් සමඟින් ඇතැම් දරුවන් එම උපකරණ භාවිත කරන්නට වූයේ ‘වඳුරට දැලි පිහිය හසුවූවා මෙනි.’ එහි ඛේදනීයම අවස්ථාවක් ගෙවී ගිය සතියේ වාර්තා වූයේ බණ්ඩාරගම ප්‍රදේශයෙනි. බණ්ඩාරගම, රයිගම, පතහවත්ත ශ්‍රී ස්වර්ණජෝති මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ උගත් ඉසුරු අශේන් ඉකුත් 11 වැනිදා සවස් යාමයේ නිවෙසේ මුළුතැන්ගෙයි කොන්ක්‍රිට් බාල්කයක එල්ලී ගෙළ වැළලාගෙන තිබුණේය. ඒ, ඔන්ලයින් අධ්‍යාපනය අඩපණ වීමත් සමඟින් දැඩි සේ පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

"ඔන්ලයින් ඉගෙනීමත් නැහැ. අන්තිමට මට දරුවත් නැතිවුණා. මං වැඳලා ඉල්ලන්නෙ දරුවන්ට ෆෝන්නම් දෙන්න එපා" යැයි පවසමින් අශේන්ගේ වියෝව උහුලාගත නොහැකිව හඬා වැටුණේ අශේන්ගේ පියාණන් වන 46 හැවිරිදි මෝලි වික්‍රමආරච්චිය. බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව, හර්බට් වික්‍රමසිංහ මාවතේ පදිංචි මෝලි වික්‍රමආරච්චි ජීවිකාව ලෙස බුලත්විට විකිණීම සිදු කරති


ඔහු බුලත්විට රැකියාවට පෙර ගල් වැඩපළක සේවයේදී වූ අනතුරකින් එක් අතක ඇඟිලිද නොමැතිව දුක් මහන්සියෙන් දරුවා උස්මහත් කිරීමට කැපව සිටියේය. ඔහුගේ බිරිය 43 හැවිරිදි අශෝකා රංජනි බණ්ඩාරගම ඇඟලුම් කම්හලක සේවය කරන්නීය. දෙදෙනාගේ එකම දරුවා ඉසුරු අශේන් ඇතිදැඩි කර තිබුණේ ඇස් දෙක මෙනි. එසේම ඉසුරු ගමේ කා අතරත් ප්‍රියමනාප දරුවෙකි.

ඉසුරු සියදිවි හානිකර ගත් දින ඉසුරුගේ පියාද නිවෙසේ සිටියේය. ඔහු සිය දරුවාගේ අවසන් මොහොත ගැන සිහිපත් කළේ, "එදා මගේ බිරිය වැඩට ගිහින් හිටියේ. අපි දෙන්න සාලයේ ටීවී බලමින් හිටියේ. මම දැක්කා පුතා ෆෝන් එක ඔබමින් ගේම් ගහමින් ඉන්නවා. පස්සෙ දවල්ට දෙන්නම සාලයේ ඉඳගෙනම බත් කෑවා. කාලා ඉවරවෙලා මම පුවක් කැපුවා.

පුතා කාමරේට ගියා. මං හිතුවේ නිදාගන්න යන්න ඇති කියලා. හවස 2.45ට විතර පහළ කඩෙන් කෝල් එකක් ආවා බුලත්විට එකක්වත් නෑ ගේන්න කියලා. මම පුතාට කතා කරලා කිව්වා, පුතේ විට ටිකක් ඉක්මනටම ඔතාගන්න ඕනෙ කියා. ඉක්මනටම පුතත් එක්ක එකතු වෙලා විට ටික හදාගෙන මම මගේ ත්‍රිවිල් එකෙන් කඩේට ගියා. ඒ ගිහින් පැයක් යනකොට ආවා; පුතේ කියලා කතා කළා. සාමාන්‍යයෙන් පුතාගේ පුරුද්ද තමයි මං කොහේ ඉඳන් හෝ එක්වරක් කතා කළොත් ඇයි තාත්තා කියලා අහන එක. කිසිම ශබ්දයක් නෑ..

. මං කාමරේ බැලුවා... කුස්සියට ගිහින් බලනකොට තමයි..." ඉසුරුගේ පියා හඬා වැටෙයි. මුළුතැන්ගෙයි බාල්කයේ එල්ලී සිටි ඉසුරුගේ සිරුර අසල්වාසින්ගේද සහායෙන් මෝලි විසින් විනාඩි පහක් වැනි කෙටි කාලයකදී හොරණ රෝහලට රැගෙන ගියත් අශේන් ඉසුරු මෙලොව හැර ගොස් සිටියේය. ඉසුරුගේ හදිසි මරණය පිළිබඳව බණ්ඩාරගම පොලිසිය සහ පාණදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරින් විසින් විමර්ශන සිදුකරද්දී දුටුවේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුද නොමැති සමයක් වුවත් ඉසුරුගේ කාමරයේ සඟවා තිබූ ඩෙටා කාඩ් 50කට ආසන්න ප්‍රමාණයකි.

විවිධ මිල ගණන් වූ එම ඩෙටා කාඩ්වලට අමතරව දුරකථන ගේම් සඳහා භාවිත කරන මාපට ඇඟිලි ආවරණ තුනක්ද සොයා ගැනීමට හැකි වූහ. ඒ කිසිවක් අශේන්ගේ මාපියන් දැන සිට නැත. ඉසුරු පාවිච්චි කළ ස්මාර්ට් ජංගම දුරකථනය පරීක්ෂාවේදී එහි වූ ඡායාරූප 500ක් පමණ වූ ප්‍රමාණයෙන් සියයට අනූනවයක්ම තිබී ඇත්තෙ පරිගණක ක්‍රීඩා ඡායාරූප සහ ඊට අදාළ විවිධාකාර වැකි සහිත ඡායාරූපයි. විමර්ශන නිලධාරින් ඇතුළු ඉසුරුගේ මරණය සැලවූ විද්වතුන්ගේද සැකයට භාජනය වූයේ ඉසුරු දුරකථන ක්‍රීඩාවකින් පරාජය වීම හෝ අධික ලෙස ගේම්වලට ඇබ්බැහි වීමෙන් වූ පීඩනය නිසා සියදිවි හානි කරගන්නට ඇති බවටයි

. පාසල් අධ්‍යාපන කටයුතු මනා ලෙස සිදු කරමින් නර්තනයෙන්ද හපන්කම් පෑ අශේන් ඉසුරු දෙමාපියන්ට ඉතාම කීකරුව හැදී වැඩුණු දරුවෙකි. අශේන්ගේ ජීවිතය විනාශ කළේ ජංගම දුරකථනය බවට ඔහුගේ දෙමාපියන් නඟන අඳෝනාවයි. එසේම ගුරුවරුන්ගේ ඔන්ලයින් අධ්‍යාපන වර්ජනයද දරුවාගේ විනාශයට හේතු වූ බවට එකම දරුවාගේ වියෝවේ දුක වාවාගත නොහැකිව වැළපෙන ඉසුරුගේ පියාණන් දැඩි ස්වරයෙන් නඟන චෝදනාවයි.

ඉසුරුගේ මරණ පරීක්ෂණය පසුගිය 13 වැනිදා හොරණ මූලික රෝහලේදී හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන විසින් පැවැත්වීය. එම මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් ඉසුරුගේ පියා මෝලි වික්‍රමාරච්චි පැවැසුවේ,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now