මෙරට මගී බස් රථයක් පෙරළී යාමෙන් විශාල පිරිසක් රෝහල් ගත කෙරේ(VIDEO)

By Sewvandhi Nov 09, 2021 09:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේයේ තලකිරියාගම පහළවැව ප්‍රදේශයේ දී අද (09) දහවල් බස් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් කුඹුරකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබුණි.

එහි ගමන්ගත් මගීන් 10 දෙනෙකු තුවාල ලබා දඹුල්ල වීර කොබ්බෑකඩුව රෝහලට ඇතුළත් කළ බව වාර්තාකරු පැවසීය.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කදුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකි. බස් රථයේ තිබූ ගෙවීගිය ටයර් හේතුවෙන් වර්ෂාවත් සමග එය ලිස්සා යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha