ඉම්රාන් ඛාන් ඝාතන තැතේ ආන්දෝලනාත්මක තොරතුරක් එළියට - සාක්ෂි පෙන්නුවොත් දේශපාලනයෙන් සමුගන්න බව ප්‍රබලයෙකු කියයි

By Sewvandhi Nov 06, 2022 10:28 AM GMT
Report

ඛාන් ඝාතන තැතට සම්බන්ධ බවට එල්ල වන චෝදනා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ප්‍රතික්ෂේප කරනවා. මහ මැතිවරණයක් වහා කැඳවන ලෙස ඉල්ලමින් ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය ලාහෝරයේ සිට ඉස්ලාමාබාද් නුවර දක්වා විරෝධතා පාගමනක් සංවිධාන කර තිබුණා.

ඒ අතරතුරදී ඉම්රාන් ඛාන් ඇතුළු පිරිසට වෙඩි ප්‍රහාරය එල්ල වුණේ. වෙඩි ප්‍රහාරයෙන් පසු පළමු වරට මාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් ඔහු සඳහන් කළේ තමන් ඝාතනය කිරිමට තැත් කිරීමේ උත්සාහය පිටුපස පුද්ගලයන් තුන්දෙනෙකු සිටින බවයි. තුවක්කුකරුවන් දෙදෙනාට අමතරව වර්තමාන අග්‍රාමාත්‍යවරයාද මෙම පිරිස සමඟ සිටින බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මේ පිළිබඳව සාක්ෂියක් හමුවුවහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවයි. මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පූර්ණ අධිකරණ කොමිසමක් පිහිටුවන ලෙස ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් ද සිදු කළා.

එමෙන්ම පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් රූපවාහිනි මාධ්‍යයේ විකාශය නොකිරීමට පාකිස්තාන විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනය තීරණය කර තිබෙනවා ඒ ඔහුගේ ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පවසමින්.

යම් විද්‍යුත් මාධ්‍ය ආයතනයක් එය නොතකා ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ විකාශය කළහොත් අදාළ මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අවලංගු කිරීමටත් එමගින් තීරණය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now