ආනයනික පොල්තෙල් තොග වල පිළිකාකාරක ඇතිබව තහවුරු වේ

Coconut Oil
By Thaya Mar 29, 2021 07:12 PM GMT
Report

මතභේදාත්මක පොල්තෙල් තොගයක පිලිකාකාරක ඇත්දැයි සොයා ශ්‍රීලංකා ප්‍රමිති ආයතනය සිදුකළ පරීක්ෂණ වල වාර්තා රේගුවට ලබා දී ඇත. ඒ අනුව එම පොල්තෙල් සාම්පලවල ඇෆ්ලොටොක්සීන් පරිමාව සෞඛ්‍ය යට අහිතකර මට්ටමින් අඩංගු බවයි වාර්තා කර ඇත්තේ. අදාළ ප්‍රශ්නගත පොල්තෙල් තොගය වහාම රටින් පිට කරන ලෙස පාරිභෝගික ආරක්ෂාව පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද රේගුවට උපදෙස් දී තිබෙනවා. කෙසේ වෙතත් අදාල ගබඩා සීල් තබා තිබියදීත් එම පොල්තෙල් ,නිෂ්පාදන හෝ අළෙවි කටයුතු කළ බවට තොරතුරු ලැබී ඇත්නම් ඊට එරෙහිව නීතිමය පියවර ගැනෙනු ඇති.