තවත් විශේෂ බද්දක් සංශෝදනය වෙයි.
By Wayomi
ආනයනය කෙරෙන රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි දින දෙක තුළ පහත දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ, එළඹෙන රාමසාන් උත්සව සමය වෙනුවෙන් ආනයනික රටඉඳි කිලෝග්‍රෑම් එකක් සඳහා දැනට අය කෙරෙන රුපියල් 200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා පහත හෙළීමට නියමිතයි.
කෙසේ වෙතත් මෙම සහනය ලබා ගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසරය හිමිවිය යුතු බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.