රට තුළ කහ උණට දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් නැහැ.
Sri Lanka
Ministry of Health Sri Lanka
By Hashini
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, කහ උණට හා මෙනින්ජයිටීස් රෝග සඳහා ප්‍රතිශක්තීකරණය ලබා දෙන එන්නත් රට තුළ නොමැති බවයි.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, අප්‍රිකානු කලාපයේ රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට කහ උණ සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කලේ, ගිවිසුම්ගතව සිටි සැපයුම්කරු නිසි පරිදි එන්නත් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේ, මැදපෙරදිග කලාපයේ සමූහ වශයෙන් සංචාරය කරන පුද්ගලයින්ට මෙනින්ජයිටීස් රෝගය සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන බවයි.
මෙරට ගබඩාවල එම එන්නත් නොමැති බවත්, අදාළ එන්නත් මේ වන විට ඇණවුම් කර ඇති අතර,එම තොගය ඉදිරි සතියේ දිවයිනට ලැබිමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කළේ.
