සරසවි සිසුන්ගෙන් සහ රජයේ රෝහල්වලින් මුදල් අය කරන්න නිර්දේශ කරයි..

Ministry of Education Sri Lanka IMF Sri Lanka
By Aruna Nov 07, 2022 06:19 AM GMT
Aruna

Aruna

Report

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ වලින් සිදුකරන ප්‍රතිකාර සඳහා මුදල් අය කිරීම සහ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් මුදල් අය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට නිර්දේශ කර තිබෙනවා.

නමුත් රජය විසින් එම යෝජනා දෙකම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ දැනට නිදහස් සේවා ලෙස පවත්නා ක්‍ෂෙත‍්‍රයන්හි වියදම පියවා ගත යුතු බවට වන නිර්දේශ යටතේ ය.

කෙසේ නමුත් එම යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී දුප්පත්ම ජනතාවට පමණක් සහන සැලසිය යුතු බවද මූල්‍ය අරමුදල සඳහන් කර තිබේ.

රජය ඊට ප්‍රතිචාර දක්වමින් නොනිල වශයෙන් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාව ජනතාවට සුභසාධනය සපයන රජයක් ලෙස නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන බැවින් එම ක්‍ෂෙත‍්‍ර වලින් ආදායම් උත්පාදනය කිරීමට අපේක්ෂා නොකරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

Join now