IMF එක සම්බන්ධයෙන් පලවන වන නවතම ආරංචිය මෙන්න.

Sri Lanka IMF Ali subri
By Aruna Apr 12, 2022 04:45 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පළමු වටයේ නිළ සාකච්ඡාව ඊයේ පවත්වා තිබෙනවා.

එය පවත්වා ඇත්තේ අන්තර්ජාලය හරහායි.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකුවේ අදිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ද සහභාගී වී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතවරිය සමඟ මෙම සාකච්ඡාව විනාඩි 45 ක් පමණ පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පළමු වටයේ පැවති මෙම සාකච්ඡාව සාර්ථක වී ඇති බවටද වැඩිදුරටත් වාර්තා වනවා.

ශ්‍රී ලංකා නියෝජිත පිරිස ෂඵත්‍ නියෝජිතයින් මුණ ගැසීම සඳහා ලබන 18 වනදා මෙරටින් පිටත්ව යාමට නියමිතයි.

එහිදී ලෝක බැංකු නියෝජිතයින් සමඟද සාකච්ඡා කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අගමැති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එම සාකච්ඡා සිදුවන්නේ මෙරට ආර්ථික අර්බුදයට විසදුමක් ලබාගැනීමේ මාවතක් විවෘත කර ගැනීම සඳහායි.

එම කටයුතු සිදුවන විටත් අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 327 ඉක්මවා ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now