ශ‍්‍රී ලංකාව හා IMF ඉදිරි පැය කිහිපය ඇතුලත ගිවිසුම් ගත වේ.. හදිසි ණයක් දෙන්නට සූදානම්…නිල නිවේදනය හෙට
හදිසි ණය සහනයක් සඳහා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවක් ඇතිවී තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සම්බන්ධයෙන් හෙට නිල වශයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා විය.
මේ අතර ,ශ්‍රී ලංකාව මුහුණ දී සිටින භයානක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතුරු අයවැය “ප්‍රගතිශීලී” ලෙස හැඳින්විය හැකි බව ලෝක ආර්ථික සංසදයේ විශේෂඥ ජාලයේ සාමාජික තලල් රාෆි ප්‍රකාශ කර තිබෙනවා.
“ශ්‍රී ලංකාවේ නව මහ බැංකු පනත වැනි බොහෝ ධනාත්මක ප්‍රතිසංස්කරණ සිදුවන බවට පැවසෙන අතර, එමඟින් මහ බැංකුවේ ස්වාධීනත්වය වැඩි වනු ඇති බවයි ලෝක ආර්ථික සංසදයේ විශේෂඥ ජාලයේ සාමාජික තලල් රාෆි විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
දශක හතකට ආසන්න ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව මුහුණදී සිටින දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා මෙරට බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඩොලර් බිලියන 3ක හදිසි ණය මුදලක් බලාපොරොත්තු වෙයි. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමේ සාකච්ඡා රැසක් මෙරට බලධාරීන් සමග පැවැත්වීය.
මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරට රැඳී සිටින අතර ඔවුන් ශ්‍රී ලංකා ජනාධිපති, මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහ වෙනත් දේශපාලන නියෝජිතයින් සමග පසුගිය සතිය පුරා සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් අනුව එම හදිසි ණය සහනය සඳහා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයකට පැමිණ ඇති බව රොයිටර්ස් පුවත් සේවය අද (31) වාර්තා කළේය.
එම එකඟතාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අරමුදල හෙට නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි. ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර ඇතිකර ගත් මූලික එකඟතාවය සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් සමගම කොළඹ කොටස් වෙළෙඳපොළෙහි කොටස් අගය 2.6%කින් ඉහළ ගියේය. එය අගෝස්තු 12 වනදායින් පසුව කොළඹ කොටස් වෙළෙඳපොළෙහි වාර්තා වූ හොඳම සැසිය විය. එසේම මෙම මාසය කොටස් වෙළෙඳපොළ 2022 වසරේ මෙතෙක් වාර්තාකළ සාර්ථකම මාසය ලෙසද සඳහන් වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |