නීති විරෝධී ලෙස සන්නිවේදන උපකරණ ගෙන්වූ තිදෙනෙක් අත්අඩංගුවට.
Bandaranaike International Airport
Sri Lanka
Smart Phones
By Hashini
නිතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සන්නිවේදන උපකරණ තොගයක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක ගුවන්තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් 22, 27 හා 46 වයස්වල පසුවන කොළඹ 10 පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කලේ.
එම සන්නිවේදන උපකරණ තොගය සොයාගෙන තිබුණේ කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ සිට පිටව යාමට සුදානම් වු මොටර් රථයක් පරික්ෂා කිරිමේදියි.
එහිදි නීතිවිරෝධීව මෙරටට රැගෙන එන ලද ලැප්ටොප් 09 ක්, ස්මාර්ට් ජංගම දුරකථන 121, කුඩා ජංගම දුරකථන 100 ක්, චාජර් 240 ක්, දුරකථන බැටරි 240 ක් සහ දුරකථන ඇසුරුම් 240 ක් සොයා ගැනිණ.
ගුවන්තොටුපළ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
