නීති විරෝධිව මෙරටට ගෙනා වියළි කහ සහ බීඩි කොළ තොගයක්
jaffna
turmeric
illegal
tobacco
silavathura
By Sewvandhi
ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙනා වියළි කහ හා බීඩි කොළ තොගයක් ඊයේ(16) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.
නාවික හමුදාව පැවසූවේ මන්නාරම,කොන්තපිඩ්ඩි වෙරළ තීරයේ සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධීව මෙරටට ගෙනා වියළි කහ කිලෝග්රැම් 370යි ග්රැම් 600ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු උතුරු මැද නාවික නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි.
මේ අතර වයඹ නාවික විධානයට අයත් නිළධාරීන් මන්නාරම සිලාවතුර,අරිප්පු වෙරළ තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උර තුනක අසුරා තිබු බීඩි කොළ කිලෝග්රැම් 294යි ග්රැම් 100ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් වියළි කහ තොගය යාපනය රේගු කාර්යාලය වෙත භාරදී ඇති අතර, බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු වෙනුවෙන් යොමු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ නාවික හමුදාව පවත්වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |