මුළු මැද පෙරදිගම භීතියට පත් කරමින් ප්‍රධානතම තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට දරුණු ප්‍රහාරයක්

Report

සෞදි අරාබියේ ජාසාන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධානතම 'සෞදි ඇරම්කෝ' තෙල් පිරිපහදු පරිශ්‍රය වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් ප්‍රකාශ කර තිබේ.

යේමන ගුවන් සීමාවට සෞදි ඩ්‍රෝන යානා ඇතුළු වීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති සංවිධානයේ හමුදා ප්‍රකාශකයා සඳහන් කර ඇත.

විශේෂ අනතුරු ඇගවීමක් - අගෝස්තු 15න් පසු කාලගුණය උඩුයටිකුරු වෙමින් මුළු ලංකාව් ගිනියම් වේ

විශේෂ අනතුරු ඇගවීමක් - අගෝස්තු 15න් පසු කාලගුණය උඩුයටිකුරු වෙමින් මුළු ලංකාව් ගිනියම් වේ

කෙසේ වෙතත්, අද (09) අලුයම අදාළ පිරිපහදු පරිශ්‍රයේ හටගත් හදිසි ගිනිගැනීම සෞදි ඇරම්කෝ ආයතනයේ කාර්මික ආරක්ෂක ගිනි නිවන කණ්ඩායම් විසින් මේ වන විට සම්පූර්ණයෙන්ම නිවා දමා පාලනය කිරීමට සමත්ව ඇති බව සෞදි බලධාරීන් තහවුරු කර තිබේ.

මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගල තුවාල ලැබීමක් හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බව විදේශ මාධ්‍ය සඳහන් කරන අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි අවශ්‍ය පරීක්ෂණ සහ නීතිමය පියවර ගනිමින් සිටින බව සෞදි බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මුළු ලංකාවටම සුබ සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ නොසිතූ ලෙස ආදායමක් ඉහළට

මුළු ලංකාවටම සුබ සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ නොසිතූ ලෙස ආදායමක් ඉහළට