ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඉල් පුර පසලොස්වක් පොහොය දිනය අදයි..

Sri Lanka
By Aruna Nov 07, 2022 02:57 AM GMT
Aruna

Aruna

Report

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසකට හේතුවූ ඉල් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

නිර්මල වූ බුදු දහම ගම් නියම්ගම් සිසාරා ප්‍රචාරය කිරීමේ අරමුණින් පළමු ධර්මදූත කණ්ඩායම ධර්ම ප්‍රචාරය ඇරඹීම , බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කර තුන්බෑ ජටිලයින් දමනය කිරීම සිදුවූයේ අද වැනි ‍පොහෝ දිනකයි.

අග්‍රශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම හා මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම ද ඉල් පුර පසලොස්වක පොහෝ දිනයේ ශාසනික වශයෙන් සිදුවු වැදගත් සිදුවීම් වනවා.

බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම වස්සාන කාලය ගත කළේ, බරණැස ඉසිපතනාරාමයේ ය.

මෙම පොහෝ දිනයට සමගාමීව කඨින චීවර පූජාව අවසන් වන අතර වස්විසූ භික්ෂූන් වහන්සේ වස්පාවාරණය කිරීම ද සිදු වනවා.

මේ අනුව කථින චීවර පූජාව අවසන් වන්නේද අද දිනයෙන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now