තියුණු තරගයක් - අවසන් මහා සටනේ ඉන්දියාවෙන් ඕස්ට්‍රේලියාවට ලැබුණ සුපිරි ඉලක්කය මෙන්න.
අද (19) පස්වරු 02.00 ට 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ආරම්භ විය.
ඒ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ය.
එහිදී කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම ඔස්ට්‍රේලියානු පන්දු රකින්නන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුවාර 50 අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 240ක් රැස් කිරීමට සමත් විය.
පන්දුවට පහරදීමේ දී Shubman Gill පන්දු 07කදී ලකුණු 04ක්ද, නායක Rohit Sharma පන්දු 31කදී ලකුණු 47ක්ද රැස් කළේ ය.
එමෙන්ම Shreyas Iyer පන්දු 03කට ලකුණු 04ක්ද, Virat Kohli පන්දු 63ට ලකුණු 54ක්ද, Ravindra Jadeja පන්දු 22කදී ලකුණු 09ක්ද,KL Rahul පන්දු 107කදී ලකුණු 66ක්ද ලබා ගත්තේ ය.
මේ අතර Mohammed Shami පන්දු 10කදී ලකුණු 06ක්ද, Jasprit Bumrah පන්දු 03කදී ලකුණු 01ක්ද, Suryakumar Yadav පන්දු 28කට ලකුණු 18ක්ද, Kuldeep Yadav පන්දු 18කදී ලකුණු 10ක්ද රැස් කළේ ය.
පන්දු යැවීමේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ Mitchell Starc කඩුළු 03ක්ද, Josh Hazlewood, Pat Cummins කඩුළු 02ක්ද, Glenn Maxwell, Adam Zampa කඩුළු 01 බැගින් දවා ගනු ලැබීය.
ඒ අනුව, පිළිතුරු ඉනිම හඹා යාමට පිටියට පිවිසෙන ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා හිමිවන ඉලක්කය ලකුණු 241ක් වේ.
