පාකිස්ථානය ඕනවට වඩා වැඩි.. අයි.සී.සීය තරමක් තදින්!

Report

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්ථාන කණ්ඩායම “තෝරාගත් අයුරින්” සහභාගී වීමට ගෙන ඇති තීරණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දැඩි කණස්සල්ල පළ කර තිබෙනවා.

අයි.සී.සී. නිකුත් කළ නිවේදනයකින් පවසන්නේ, පාකිස්ථාන රජය විසින් තම ජාතික කණ්ඩායමට තරගාවලියේදී තෝරාගත් අයුරින් සහභාගී වන ලෙස උපදෙස් ලබා දී ඇති බවත්, මෙම තීරණය තරගාවලියේ ආත්මයට හා ජීවගුණයට දැඩි හානියක් එල්ල කරන බවයි.

පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයෙන් (PCB) තවමත් නිල සන්නිවේදනයක් ලැබී නොමැති බව සඳහන් කරන අයි.සී.සී., මෙවැනි තෝරාගත් සහභාගීත්වයක් ගෝලීය ක්‍රීඩා ඉසව්වක මූලික පදනම සමඟ සැසඳීම දුෂ්කර බව අවධාරණය කරනවා. සියලුම සුදුසුකම් ලත් කණ්ඩායම් එකම කොන්දේසි මත තරඟ කිරීමට අපේක්ෂා කෙරෙන බවත් එහිදී සඳහන්.

ලෝක කුසලානයට ශ්‍රී ලංකා නිල සංචිතය නම් කරයි

ලෝක කුසලානයට ශ්‍රී ලංකා නිල සංචිතය නම් කරයි

ජාතික ප්‍රතිපත්තිමය කාරණාවලදී රජයන්ගේ භූමිකාවන්ට ගරු කරන බව ප්‍රකාශ කරන අයි.සී.සී., මෙම තීරණය ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවට හෝ පාකිස්ථානයේ මිලියන ගණනක රසිකයින් ඇතුළු ලොව පුරා රසිකයින්ගේ යහපතට හේතු නොවන බවත් අවධාරණය කර තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තම රටේ ක්‍රිකට් සඳහා සැලකිය යුතු හා දිගුකාලීන බලපෑම් සලකා බලනු ඇතැයි බලාපොරොත්තු වන බව පවසන අයි.සී.සී., මෙය තමන් සාමාජිකයෙකු හා ප්‍රතිලාභියෙකු වන ගෝලීය ක්‍රිකට් පරිසර පද්ධතියට බලපානු ඇති බව සිහිපත් කර සිටිනවා.

අයි.සී.සී. පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානය සාර්ථකව පැවැත්වීම තම ප්‍රමුඛතාවයක් බවත්, එය පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළු සියලුම සාමාජිකයින්ගේ වගකීම විය යුතු බවත් නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.

සියලුම පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි යෝජනාවක් පාකිස්ථානය විසින් ඉදිරිපත් කරනු ඇතැයි අයි.සී.සී. අපේක්ෂා කරනවා.

T20 ලෝක කුසලානයට සහභාගිවන නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

T20 ලෝක කුසලානයට සහභාගිවන නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට