බාලගිරි දෝෂය වැදුණු සහතික මිල හා රජයේ වී මිල දී ගැනීම..ගොවියන් අන්ත අසරණ කරයි..

Report

වී මිලදී ගැනීමට අදාළව මුදල් වෙන්කළ බවට මහා භාණ්ඩාගාරයෙන් වී අලෙවි මණ්ඩලයට මෙතෙක් දැනුම්දීමක් කර නැතැයි අනාවරණය වේ.

වී මිලදී ගැනීම සඳහා පළමු වටයට අදාළව රුපියල් මිලියන 5,000 ක මුදලක් වෙන් කරන්නේ නම් ඉන් මිලදී ගැනීමට හැකි වන්නේ රටේ දින පහකට අවශ්‍ය වී ප්‍රමාණය පමණක් බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

අසනීපයක් යැයි කියා රෝහල් ගත කල පුද්ගලයෙක් හදිසියේ මිය යයි..සෝදිසියේදී හෙළි වූ ඇස් උඩ යන දේ..

අසනීපයක් යැයි කියා රෝහල් ගත කල පුද්ගලයෙක් හදිසියේ මිය යයි..සෝදිසියේදී හෙළි වූ ඇස් උඩ යන දේ..

රටේ දිනකට අවශ්‍ය වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 10,000 ක් බවත්, ඉන් දිනක පාරිභෝජනයට අවශ්‍ය සහල් මෙට්‍රික් ටොන් 6,500 ක් නිෂ්පාදනය කෙරෙන බවත්, මෙවර මහ කන්නයේ වී කිලෝවක් රජය රුපියල් 100 බැගින් මිලදී ගත්තත් රැස් කිරීමට සිදු වන්නේ වී මෙට්‍රික් ටොන් 50,000 ක් බවත් ඔවුහු කියා සිටිති.

මේ දිනවල තෙත වී කිලෝවක් රුපියල් 85 ත් 95 ත් අතර මිලක් දක්වා අඩුවී තිබෙන බවත්, වී තොග රැස්කරන්නන් හිතු හිතූ මිල ගණන්වලට කේවල් කර වී මිලදී ගැනීම නිසා තමන් අසීරුතාවයට පත්ව සිටින බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ කියා සිටිති.

උතුරු පළාතේ කිලිනොච්චිය ආදී දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශයන්හි තෙත වී කිලෝවක මිල රුපියල් 85 ක් දක්වා අඩුවී ඇතැයි ද ඔවුහු පවසති.

රජය වීවලට සහතික මිලක් නිකුත් කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා තමන්ට අඩු මිලට වී අලෙවි කිරීමට සිදුවී ඇතැයි ද ගොවීහු කියා සිටිති.

ඉන්දීය අයවැයෙන් ලංකාවටත් කොටසක් වෙන්කරලා..බලන්නකෝ හිතා ගන්නවත් බැරි ගානක්..

ඉන්දීය අයවැයෙන් ලංකාවටත් කොටසක් වෙන්කරලා..බලන්නකෝ හිතා ගන්නවත් බැරි ගානක්..

මේ වනවිට වියළි වී කිලෝවක මිල රුපියල් 120 ක් දක්වා අඩුකර තිබෙන බවත්, ඉදිරියේදී එය තවත් අඩුවීමට ඉඩ තිබෙන බවත් ගොවි සංවිධාන නියෝජිතයන් පවසති.

වී මිලදී ගැනීම සඳහා රජය මුදලක් වෙන්කරන බව පැවසුවද, මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් පසුගියදා පැවැති කෝප් කමිටුවේදී කියා සිටියේ වී මිලදී ගැනීමට අදාළව වී අලෙවි මණ්ඩලයෙන් මෙතෙක් මුදල් ඉල්ලා නොමැති බවය.

මේ වනවිට මහා පරිමාණ වී මෝල් හිමියන්, වී තොග රැස්කරන්නන් වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, ඔවුන් කුඹුරටම ගොස් වී මිලදී ගැනීම නිසා ගොවීන් කීයකට හෝ වී අලෙවි කරන බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

කෙසේ නමුත් වී අලෙවි මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ වී මිලදී ගැනීමට මණ්ඩලය තුළ කිසිදු සැලසුමක් නොමැති බවය.

You may like this video