ජල විදුලි නිෂ්පාදනය ඉහළට.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසන්නේ,ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළ ගොස් ඇතැයි බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ , බොහෝ ප්‍රදේශවලට වර්ෂාව පැවැතිය ද ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බවයි.
වියළි කාලගුණයත් සමග පසුගිය දිනවල ජල විදුලිය නිෂ්පාදනය 11% ත් 12% ත් අතර ප්‍රතිශතයක පැවතුණා.
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, සමනල වැව ජලාශයේ ජල කාන්දුවීම් වසා දැමීම සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකරමින් පවතින බවයි.
භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඒ පිළිබඳව පර්යේෂණ කරමින් පවතියි.
සමනළ වැව ජලාශයේ ජලය කාන්දු වන ස්ථාන 6ක් මේ වනවිට හඳුනා ගෙන තිබෙනවා.