තම බිරිදට වංචා කරන ස්වාමිපුරුෂයන් හදුනාගත හැකි කරුණු 04 ක්

husband wife sinhalanews sinhalagossip gossiplanka
By Gagana Nov 21, 2021 04:38 PM GMT
Gagana

Gagana

Report

ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික පරීක්ෂන ආයතනයක් වන Lipstick Investigations ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ, David King මහතා බිරින්දෑවරුන්ට වංචා කරන ස්වාමිපුරුෂයන් ගැන කරුණු පැහැදිලි කිරීමක් කර තිබෙනවා. ඔහුව හමුවීමට පැමිණෙන බොහෝ කාන්තාවන්ගෙන් වංචා කරන සැමියන් පිළිබඳව මෙම කරුණු අනාවරණය කරගත් බව ඔහු පවසනවා. ඒ අනුව ඔහු ඒවා විස්තර කර ඇත්තේ මෙලෙසින්..

01. පළමු සහ වඩාත්ම කැපී පෙනෙන ලකුණ වන්නේ ඔබේ ස්වාමිපුරුෂයා වෙනදට වඩා තමන් ගැන වඩා සැලකිලිමත් වීමයි. ඒ කිව්වේ ඔහු තමන්ගේ පෙනුම, ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් භාවිත කරමින් වැඩිපුර හැඩ වෙනවා වගේ දේවල්. එත් එක්කම ඔහුට ඔබ සමඟ බොහෝ වේලාවක් ගත කිරීමට අවශ්ය නැති බව ඔබට හැඟෙන්නේ නම්, ඔබේ සැමියා ඔබව රවටන බව බොහෝ විට සිතන්න පුළුවන්.

02. ඔබේ ස්වාමිපුරුෂයා තම ස්මාර්ට් ෆෝන්, ටැබ්ලටයේ හෝ ඔහුගේ පරිගණකයේ කිසිම හේතුවක් නොමැතිව පාස් වර්ඩ් එකක් දමා තිබේ නම්, එය ඔබට කණස්සල්ලට හේතුවක් විය හැකිය. මොකද ඇත්තටම ඔහුට ඔබට හංගන්න දෙයක් නැත්නම් ඒවාට පාස් වර්ඩ් දාන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ෆෝන් එක නාදවෙන සෑම අවස්ථාවකදීම ඔහු නැඟිට දුරකථනයෙන් කතා කිරීමට කාමරයෙන් පිටත් වෙනවා නම් සහ ඔබ ඔහුගේ ෆෝන් එක භාවිතා කරනවට අකමැත්තක් දක්වනවා නම් ඔබ ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

03. වංචා කරන අයගේ ඊළඟ හැසිරීම කෝපය හා ආක්‍රමණශීලිත්වයයි. ඔබ පොඩි ප්‍රශ්නයක් ඇහුවත් ඔහු එය ගැටුමක් දක්වා දුරදිග ගෙනයන හේතුවක් බවට පත්කරගනිවී. ඒ වගේම ඔබව නුරුස්සන ස්වභාවයක් දක්වයි. ඇත්තෙන්ම මෙහිදී ඔහු ඔහුගේ වැරදිකාර හැඟීම නැවැත්වීමට උත්සාහ කරයි. ඔහු ඔබට දෝෂාරෝපණය කරමින් ඔහුගේ ක්රියාවන් යුක්තිසහගත කිරීමට උත්සාහ කරයි.

 04. අවසන් ලකුණ වන්නේ ඔබේ සැමියා නිතරම ඔබ නොමැතිව තනියම ගෙදරින් පිටතට යාමට උත්සහ කිරීමයි. වෙනදාට චිත්‍රපටයක් බලන්න, කෑමකට යන්න ඔබට ආරාධනා කරන ඔහු අද තනියම පිටව යාමට හේතුවක් සොයනවා නම් එය කණස්සල්ලට හේතුවක් වේ. ඒ වගේම නිතරම නිවසේ සිටීමට කැමැත්තක් දැක්වූ සැමියා දැන් දැන් ඔබට විවිධ කරුණු පවසා පිටතට යනවා නම් ඔහු ඔබව වංචා කරනවා විය හැකියි.

වැදගත්ම දේ සමහර අවස්ථා වලදී මේ දේවල් වංචා කරන අදහසින් නොවෙනවා වෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් ඔබේ ස්වාමිපුරුෂයගෙන් මේ වගේ ලක්ෂණ දැක්කොත් ඒවා නොසලකා හරින්න එපා. කලබල නොවී හදිසි තීරණ නොගෙන ඔබේ පවුල රැකගැනීමට උත්සහ කරන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now