දෙවියනේ අනියම් පෙම නිසා සැමියා විසින් බිරිඳගේ බෙල්ල වයරයකින් සිරකර මරලා

By Mithu Nov 18, 2025 10:02 AM GMT
Report

ඉතා අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව වාකරේ ප්‍රදේශයෙන් වාර්තාවේ.

ඒ අනුව සිය බිරිඳගේ අනියම් සම්බන්ධතාවයක් හෙළි වීමෙන් පසු ඇතිවූ පවුල් ආරවුලක් මත ඇයව ඝාතනය කර සැමියාට වස පානය කිරීමේ සිදුවීමක් වාර්තා වෙයි.

වස පානය කළ සැමියා රෝහල්ගත කර ඇතිි අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව අදාළ සැකකරු වාකරේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

මෙම සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ සැකකරුගේ බිරිඳ වන සින්නතට්ටමුණ වාකරේ පදිංචි එම්. නිලූක්ෂා නමැති වයස අවුරුදු 22ක තැනැත්තියකි.

සැකකරුගේ බිරිඳ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ඇතිවූ පවුල් ආරවුලක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරු නිවෙසේ ඇති විදුලි පංකාවේ වයරයකින් බිරිඳගේ ගෙල  සිරකර ඇය ඝාතනය කර ඇති බවත් පසුව ඔහුද කිසියම් විෂ වර්ගයක් පානය කර වාකරේ රෝහලට ඇතුළත්ව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න