ජපන් චිත්‍රපට චීනයේ තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවීමට දැඩි තීරණයක්
බීජිං - ටෝකියෝ සහ බීජිං අතර ආරවුලක් මධ්‍යයේ, චිත්‍රපට බෙදාහරින්නන් චීනයේ අවම වශයෙන් ජපන් චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කිරීම අත්හිටුවා තිබේ .
රාජ්‍ය විකාශක CCTV පවසන්නේ එය දේශීය ප්‍රේක්ෂක හැඟීම් ඇවිස්සීම සැලකිල්ලට ගනිමින් "දූරදර්ශී තීරණයක්" බවයි.
ජපාන අගමැතිනි සනේ ටකයිචි විසින් චීනයට හිමිකම් කියන තායිවානය පිළිබඳ ප්‍රකාශයක් බීජිං වෙතින් උණුසුම් ප්‍රතිචාරයක් ඇති කළ අතර වසර ගණනාවකට පසු නැගෙනහිර ආසියානු බලවතුන් දෙදෙනා අතර ඇති බරපතලම රාජ්‍ය තාන්ත්‍රික ගැටුමට හේතු වූ බව සති දෙකකට පසුව මෙම කල් දැමීම සිදු විය.
Crayon Shin-chan the Movie:Super Magificent! Scorching Kasukabe Dancers’ හා ‘ Cells at Work!’ යන ජපන් චිත්‍රපට එලෙස තිරගත කිරීම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. ‘Demon Slayer: Kimetsu no Yaiba – The Movie: Infinity Castle’ යන ජපන් චිත්‍රපට චීනයේ තිරගත කිරීමෙන් පසු මුල් කාලයේ බොක්ස් ඔෆිස් ආදායම් ලබා ගැනීමට ද සමත් විය.
එහෙත් ජපාන අගමැතිනිය චීනය හා සම්බන්ධ ව මෙම ප්‍රකාශ සිදු කිරීමත් සමගම චීන ප්‍රේක්ෂකයන් තුළ දැඩි අප්‍රසාදයක් මතුව තිබේ .
ඇගේ එම ප්‍රකෝපකාරී ප්‍රකාශවලින් එල්ල වූ බලපෑම් හේතුවෙන් අදාළ චිත්‍රපටය තිරගත කිරීමෙන් දින 3කට පසු බොක්ස් ඔෆිස් ආදායම කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇත .
එම චිත්‍රපට සම්බන්ධයෙන් වෙළඳපොලේ පවතින ජනප්‍රියත්වය ද අඩු වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව චීනයේදී තිරගත කිරීමට නියමිත ව ඇති ජපන් චිත්‍රපට සම්බන්ධයෙන් ද චීන ප්‍රේක්ෂකයින් තුළ දැඩි අප්‍රසාදයක් මතුවනු ඇතැයි විශ්වාස කෙරේ..
තවද අදාළ චිත්‍රපට ආනයන හා බෙදාහැරීමේ ආයතන ප්‍රකාශ කළේ වෙළඳපොලේ නීතිරීති අනුවයි ඒ වගේම ප්‍රේක්ෂකයින්ගේ කැමැත්තට ගරු කරමින් එම චිත්‍රපට චීනයේදී තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවන බවයි.
[
]